සුදේව හෙට්ටිආරච්චි ස්වරණවාහිනි යෙන් ඉවත් කරයි…

ස්වර්ණවාහිනී ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ක්‍රියාකරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කල සුදේව හෙට්ටිආරච්චි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී නැවතත් ස්වර්ණවාහිනී ආයතනයේ එම ධුරයේ කටයුතු කරමින් සිටියේය.

මේ වනවිට ස්වර්ණවාහිනී ආයතනයෙන් ඉවත්වන ලෙසසුදේව හෙට්ටිආරච්චි මහතාට දැනුම්දී ඇති බව වාර්තා වෙනව.නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී චතුර විද්‍යාරත්න මහතා පත්කිරීමට නියමිත බවද වාර්තා වෙනව.

පසුගිය කාලයේ චතුර විද්‍යාරත්න මහතා එංගලන්තයේ පදිංචිව සිටි අයෙකු වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ හිතවතෙකු බවද ආරංචිමාර්ග පවසනව.

මේ අතර සමාජ මාධ්‍ය පවසන්නේ රංගන ද සිල්වා මහතාද ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»