අරගලකරුවන් පොලීසියට භාරදුන් සල්ලි පොලීසිය අධිකරණයට භාරදී නෑ..අරගලකරුවන් නිදහස්…

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයොගෙන කොටුව පොලීසියට බාරදුන් බව කියන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල වහාම අධිකරණය බාරයට ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අද කොටුව පොලීසියේ ස්ථනාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාට නියෝග කළේය.

රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් වන මෙම මුදල අරගලකරුවන් විසින් පොලීසියට භාරදී සති තුනකට අධික කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිද වාර්තාවක් හෝ දැනුම් දීමක් කොටුව පොලීසිය සිදුකර නොමැති බවට ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ දැනුම් දීමකට අනුව මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ්ය.

මේ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හතර දෙනාද රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපමත මුදාහරින ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»