ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ශ්‍රීලංකාවේ ආරක්ෂක අංශ අද(22) අලුයම ගත් ක්‍රියා මාර්ගය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කණසල්ලට…

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව 22දා අලුයම ගත් ක්‍රියා මාර්ගය හේතුවෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

බලධාරීන් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා ඇත.

ගාලු මුවදොරින් ලැබෙන වාර්තා පිළිබඳ බ්‍රිතාන්‍ය දැඩි අවධානයෙන් සිටින බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ප්‍රකාශ කළාය.සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය පිළිබඳ බ්‍රිතාන්‍ය දරණ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ඇය වැඩි දුරටත් පවසා ඇත.

මේ අතර ශ්‍රීලංකා කැනේඩියානු තානාපති ද ගාලුමුවදොර පහරදීම සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත්කර ඇත.
“ගාලු මුවදොර උද්ඝෝෂණ භූමියේ සිදුවන දේ ඇසීමි. දැන් මෙය සිදුවන්නේ මන්දැයි නොදනී. බලධාරීන් සංයමයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී කටයුතු කිරීම ඉතා වැදගත්ය.”

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»