තෙල් පෝලිමේ කෑමට කොස් තම්බමින්..

ඩීසල් ලබාගැනීමට දින 5 ක් පුරා ඉත්තපාන ඉන්ධන හලේ පෝලිමේ රැඳී සිටි පුද්ගලික බස්රථ රියදුරන් ඇතුළු පිරිසක් පෝලිමේ සිටින අතර තුර කොස් තම්බා ආහාරයට ගැනීමට සූදානම් වන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

මේ වනවිට තම රැකියාවල ස්ථීර භාවයක් නොමැති බවත් දින ගණනාවක් රැකියාව නොකර ඉන්ධන පෝලිමේ රැඳී සිටීමට සිදුවීම නිසා තම නිවැසියන්ද නොයෙකුත් අගහිඟකම්වලට මුහුණ පෑමට සිදුවී ඇති බවත් ඔවුහු කියයි.දින ගණනාවක සිටීම රැකියාව නොමැතිව නිසා කඩෙන් කෑමට තරම් ආර්ථික තත්වයක් නොමැති නිසා ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් කොස් කඩා පාරේම තම්බා ආහාරයට ගැනීමට කටයුතු කරන බවත් සමස්ථලංකා පෞද්ගලික බස්රථ වෘත්තිකයන්ගේ පොදුජන සේවක සංගමයේ ලේකම් යු.කේ.කුමාරරත්න රේණුක මහතා පැවසීය.

(Lankadeepa)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»