ලංකාවේ සියලුම රුසියානුවන් ආපසු කැඳවයි..

මේ දිනවල ශ්‍රීලංකාවේ සංචාරයේ නියත සියලුම රුසියානුවන්ට ආපසු තම රටට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙනව.

පසුගියදා රුසියානු ‘ඒරෝෆ්ලොට්’ ගුවන් යානයක් ශ්‍රීලංකාවේ කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගැනීම මීට හේතුවී ඇති බවයි පැවසෙන්නෙ.

ආපසු කටුනායක ගුවන් තොටුපළවෙත යමින්සිටි රුසියානු සංචාරකයින් පවසා ඇත්තේ “ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියානු රජය අපව දැනුවත් කර තිබෙනවා”යන්නයි.

අපේ සංචාරකයන් නිසා ශ්‍රී ලංකාවට ඩොලර් ලැබෙනවා. ඒත් මේ තීන්දුව නිසා ඒ තත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙලා යයි. රුසියානු ජනාධිපතිවරයා මෙම සිදු වීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි යැයි ඹවුන් වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නෙAeroflot ගුවන් යානය පිළිබඳව අධිකරණයට නීත්‍යනුකූලව කරුණු ඉදිරිපත් කිරීමට මෙරට රජය තීරණය කර ඇති බවයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කරුණු ඉදිරිපත් කර මෙය සමතයකට පත් කිරීම සඳහා හෙට (ජූනි 6) දිනයේදී නීතිපතිවරයා අධිකරණයට යන බව ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»