වත්මන් ආර්ථික අර්බුදයට පාර කැපූ සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණයක්…කෝප් කමිටුව සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කරයි..

වත්මන් ආර්ථික අර්බුදය සදහා හේතු සාධක මෙන් ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අද (මැයි 25) නිර්දේශ කරන ලදී.

මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කලේ,ආර්ථිකය මෙහෙයවූ කිහිප දෙනෙකුගේ තීරණ නිසා මුළු මහත් රටක් අද විසාල අර්බුදයකට පත්ව ඇති බැවින් අපරාධයක් සේ සලකා කඩිනමින් මේ පිළිබදව පරීක්ෂණය කළ යුතු බවයි.

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වීමේ මූලික කරුණු විමසීමේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ 2020 මාර්තු – අප්‍රේල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ණය පහසුකම් ලබා ගැනීමට යාමේදී ඔවුන් ලිඛිතව දන්වා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ඒවන විට ණය තිරසර බව නොමැති බව ය. එබැවින් ණය පහසුකම් ලබා ගැනීමට නම් පවතින ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව එවකට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ මහ බැංකු අධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ එවකට මුදල් අමාත්‍යවරයා කිසි විටකටත් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය නොකළ බව ත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළ කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට දැනුම් නොදුන් බවත්ය.එසේ ම, 2019 නොවැම්බර් වන විට IMF වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමේ පැවති බව ත් අනතුරුව ජනාධිපතිවරණයෙන් මාස කිහිපයකට පසුව IMF වාර්තාවට අනුව ලංකාවේ ණය තිරසර නොවන බව ත් දැනුම් දුන් බවය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»