“දූෂිත පාලකයින් විසින් නිකුත් කරන ජනතා විරෝධී, නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න එපා”

සරත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක ලේකම්වරයාගෙන් සහ යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

සාමකාමී මහජන විරෝධතා මැඩලීමේ නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර ගැඹුරින් සිතා බලන ලෙස ෆීල්ඩ් මාර්‍ෂල් සරත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේඳ්‍ර සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කරයි.

සාමකාමී සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා මර්දනය කිරීමට නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සිය දහස් වාරයක් සිතා බලන ලෙස විපක්‍ෂ මන්ත්‍රී සරත් ෆොන්සේකා ෆේස්බුක් සටහනක් තබමින් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියේය.

“මා යටතේ මානුෂීය මෙහෙයුමක් දියත් කළ වීරෝදාර රණවිරුවන් මුළු ලෝකයම ඉදිරියේ අපකීර්තියට පත් වනු ඇතැයි මම අපේක්‍ෂා නොකරමි. ඒ නිසා දූෂිත පාලකයින් විසින් නිකුත් කරන ජනතා විරෝධී, නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සිය දහස් වාරයක් සිතා බලන ලෙස මම නැවත වරක් ඉල්ලා සිටිනවා.”

3Ruchira Nandasiri, Rukshan Hemantha Rupasinghe and 1 other2 SharesLikeCommentShare

Translate-(English/Sinhala/Tamil )»