2021දී උගන්ඩාවට මුදල් නෝට්ටු රැගෙන ගිය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිගනී..

2021දී උගන්ඩාවට මුදල් නෝට්ටු රැගෙන ගිය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිගනී..

මේවා උගන්ඩාවේ මුදල් ද ? නැත්නමි ඩොලර් නෝට්ටු ද?

2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් යැවීම වාණිජ හේතූන් මත පමණක් සිදු කළ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම අවධාරණය කරයි.

“පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ශ්‍රීලංකන් ගුවන් යානය මුද්‍රිත ද්‍රව්‍ය යැවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර ගිය සමපේක්‍ෂන සම්බන්ධයෙන් පහත පැහැදිලි කිරීම් සැපයීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම අපේක්‍ෂා කරයි” යනුවෙන් ගුවන් සමාගම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.“

ශ්‍රීලංකන් ගුවන් සමාගමට 2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් පමණ ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබුණි. මෙම තොගය සම්පූර්ණයෙන්ම වාණිජමය ස්වභාවයක් ගත් අතර එකල ගුවන් සමාගමට සහ රටට අවශ්‍ය විදේශ ආදායමක් ගෙන ආවේය. .

මෙම භාණ්ඩ ඇණවුම වාණිජ හේතූන් මත පමණක් සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකන් අවධාරණය කිරීමට කැමැත්තෙන් සිටී.

“ගුවන් භාණ්ඩ කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව ගිවිසුම්ගත බැඳීම් හේතුවෙන් රඳවා තබා ඇති භාණ්ඩ තොගයේ විස්තර” යනුවෙන් එය වැඩිදුරටත් සඳහන් කළේය.මෙිී අතර උගන්ඩාවට ඩොලර් ටොන් ගණන් ගුවනින් ගෙන ගිය බවට ‘නිර්නාමික’ (Anonymous) හැකරුන් කණ්ඩායම සඳහන් කර තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ට ඉවත් වීමට තවත් දින 12ක කාලයක් ලබා දෙන බවද ඔවුන් පවසයි.https://www.youtube.com/watch?v=HqW-AwAWArI&t=209s

Translate-(English/Sinhala/Tamil )»