මැනිටෝබා-එක්සත් ජනපදය දේශසීමාව අසල එකම පවුලේ හතර දෙනෙක් අධික සීතලට අසුවී මියයයි

මොවුන් මුලින්ම කැනඩාවේ ටොරොන්ටෝ වෙත පැමිණි ඇත්තේ 2022 ජනවාරි 12 වන දින බවත්, එතැන් සිට මැනිටෝබා පළාත වෙත ගමන් කර ඇති අතර අවසානයේදී ඔවුන් ජනවාරි 19 හෝ ඊට ආසන්න දිනකදී එමර්සන්(Manitoba-Emerson) නගරය වෙත ගමන් කර ඇත.(RCMP අපරාධ මෙහෙයුම් නිලධාරි රොබ් හිල් පවසන ආකාරයට).

මොවුන් දේශ සීමාව තරණය කිරීමට උත්සාහ කිරීමේදී එවකට පැවති අධික සීතල හේතුවෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වනුයෙ.

මොවුන් සිවු දෙනා පිටත් වූ රාත්‍රිය, ජනවාරි 19, තද සුළං, හිම සහ හිම කුණාටු වැනි තත්වයන් සමඟ උෂ්ණත්වය -30 C ආසන්න වතිබූ බවයි සඳහන් වන්නෙ.

හඳුනාගන ඇති ආකාරයට ඔවුන් සිව්දෙනා පිලිවෙලින් 39 හැවිරිදි ජග්දීෂ් බල්දේව්භායි පටෙල්, 37 හැවිරිදි කාන්තාවක් වන වෛශාලිබෙන් ජග්දිෂ්කුමාර් පටෙල්, 11 හැවිරිදි දැරියක් වන විහාංගි ජග්දිෂ්කුමාර් පටෙල් සහ අවුරුද්දක් වයසැති ධාර්මික් ජග්දිෂ්කුමාර් පටෙල්(1) ය. මොවුන් හතර දෙනාම ඉන්දීය ජාතිකයන් ලෙසද හඳුනාගන ඇත.

මෙය මිනිස් ජාවාරමක් වියහැකි බවට සැකකරයි.

දේශ සීමාව හරහා ගිය ගමනේදී දිවි ගලවා ගත් එක් ඉන්දියානු ජාතිකයෙක් එක්සත් ජනපද දේශසීමා මුර සංචාරයට පවසා ඇත්තේ, වංචනික ශිෂ්‍ය වීසා බලපත්‍රයක් යටතේ ඉන්දියාවේ සිට කැනඩාවට පැමිණීමට විශාල මුදලක් ගෙවූ බවයි. තමා කැනඩාවේ රැඳී සිටීමට හෝ අධ්‍යාපනය ලැබීමට අදහසක් නැති නමුත් ඒ වෙනුවට නීති විරෝධී ලෙස එක්සත් ජනපදයට යාමට අදහස් කරන බවත්ය.

(Global News)ඇසුරෙන්(THE CANADIAN PRESS/HO-Amritbhai Vakil. Handout)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»