ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි.

ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත්කල ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ඉල්ලා අස්වි ඇතිබව ලංකාදීප වාර්තා කරනව.

කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා සේවයෙන් ඉවත්වන බවයි පවසා ඇත්තේ.

ෂර්මිලා රාජපක්ෂ වියත්මග සාමාජිකාවකද වන අතර 2020 ජුනි මාසයේදී ජනාධිපතිගේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළාය.

මින්පෙර අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කල ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ජාතික සත්වෝද්‍යානය භාරයේ සිටින අලි ඇතුන් 14 දෙනෙකු මුල් අයිතිකරුවන් සමඟ ලියාපදිංචි කිරීම සඳහා නිදහස් කිරීමට නිකුත් කර ඇති නියෝගයට විරෝධය පළ කරමින් ඉල්ලා අස්විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»