Pfizer COVID-19 පෙති කැනඩාවේ භාවිතය සඳහා අනුමැතිය..

කැනඩා සෞඛ්‍ය ආයතනය(Health Canada) සඳුදා නිවේදනය කළේ COVID-19 ට එරෙහිව භාවිතා කිරීම සඳහා ෆයිසර් පෙත්ත(Pfizer’s Paxlovid ) අනුමත කර ඇති බවයි.

COVID-19 ධනාත්මක බව හඳුනාගත් වයස අවු: 18 ට වැඩි පුද්ගලයන් සඳහා භාවිතා කළ හැකි බව කැනඩා සෞඛ්‍ය ආයතනය (Health Canada) පවසයි.

කැනඩා සෞඛ්‍ය ආයතනය වැඩිදුරටත් පවසන්නේ COVID-19 රෝග විනිශ්චය කිරීමෙන් පසු සහ රෝග ලක්ෂණ ආරම්භ වී දින පහක් ඇතුළත මෙම පෙත්ත භාවිතයට නිර්දේශ කරන බවයි.

කැනඩාවේ නිවෙස්වල භාවිතය සඳහා අනුමත කරන ලද පළමු COVID-19 ප්‍රතිකාරය මෙයයි.

(GlobalNews)ඇසුරෙන්

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»