මිලිටරි ආඥාදායක මානසිකත්වයට තිත තබමින් තරුණ වාමාංශික යෙක් චිලි රාජ්‍යයේ ජනාධිපති කමට..

35 හැවිරිදි ගේබ්‍රියෙල් බෝරික් වාමාංශික යෙකි.හිටපු ශිෂ්‍ය විරෝධතා නායක යෙකි.

මෙවර චිලි රාජ්‍යයේ ජනාධිපතිවරණයෙන් 56% කටත් වඩා වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වෙයි. ඹහු මෙතෙක් චිලි රාජ්‍යයෙන් බිහිවු ලාබාලතම නායකයයි.

ඹහු ගේ ප්‍රතිවාදියා වුයේ හිටපු ජනාධිපති ජෝස් ඇන්ටෝනියෝ කස්ට් ය. මිලිටරි ආඥාදායක ඔගස්ටෝ පිනෝචේගේ උරුමය ආරක්ෂා කළ අන්ත දක්ෂිනාංශික යෙකු වූ ඇන්ටෝනියෝ කස්ට් 55 හැවිරිදි නීතීඥයෙකි.

ඔගස්ටෝ පිනෝචේ(Augusto José Ramon Pinochet ) යනු 1973 සිට 1990 දක්වා චිලී පාලනය කළ චිලී හමුදා ජෙනරාල්වරයෙකු සහ ඒකාධිපතියෙකි.

පරාජය පිළිගනිමින් ජෝස් ඇන්ටෝනියෝ කස්ට් පැවසුවේ ඔහුගේ ප්‍රතිවාදියාට “අපගේ සියලු ගෞරවය ලැබිය යුතු” බවයි.

ජයග්‍රහණයෙන් පසු ජනතාව අමතමින් ගේබ්‍රියෙල් බෝරික් පවසා ඇත්තේ.. “ඹබ ඡන්දය දුන්නේ මා වෙනුවෙන්ද මගේ ප්‍රතිවාදියා වෙනුවෙන්ද යන්න මට අදාල නැත.වැදගත් දෙය නම් ඹබ ඡන්දය භාවිතා කිරීමයි,රට වෙනුවෙන් ඹබේ කැපවීම සනිටුහන් කිරීමයි” යනුවෙනි.

චිලී යනු පැසිෆික් සාගර වෙරළ තීරයේ කිලෝමීටර 6,000 කට වඩා වැඩි දකුණු ඇමරිකාවේ බටහිර මායිම දිගේ විහිදෙන දිගු පටු රටකි. සන්තියාගෝ, එහි අගනුවරයි.චිලී සතුව ලොව විශාලතම ලිතියම් සංචිතය ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»