ප්‍රියන්ත කුමාර ඝාතනයට විරෝධය..කොළඹ පකිස්ථාන තානාපති කාර්යාලය වටලයි..

ඝාතනය කළ ශ‍්‍රී ලාංකික ඉංජිනේරුවරයා පිළිබඳ ශෝකය පළකරමින් සහ එම ඝාතනයට විරෝධය පාමින් 06 දින පකිස්ථාන තානාපති කාර්යාලය ඉදිරිපිට ජාතික සංවිධාන 10ක් විසින් විරෝධතාවය පළකරනු ලැබීය.

මෙම විරෝධතාවයට දේශපේ‍්‍රමී විද්වත් සංසදය, ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඡලය, ජාතික සංවිධාන එකමුතුව, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය ආදී සංවිධාන 10ක නියෝජිතයන් සහභාගී වී ඇත.

මේ අතර ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අද(6) සවස ලංකාවට රැගෙන විත් තිබේ.මේවන විට දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»