Top Stories >
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අලුත් කඩේ උසාවි ඉදිරිපිට අද (26) පැවැත්විණි.
කෙරවලපිටිය විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවට විකුනීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණ.එහිදී ඔවුන් කියා සිටියේ කෙරවලපිටිය බලාගාරයේ 40% ක කොටස ඇමරිකාවට විකුණා රටේ ජාතික ආරක්ෂාව අඳුරට හෙලන, රට විකුණන ආණ්ඩුවේ සැලසුම පරාජ කරන බවය.(ලංකාදීප)