T20 ,2021 ලෝක කුසලාන අවසන් තරගය නවසීලන්තය හා අතර පැවැත්වූ අතර ශූරතාවය දිනාගන්නට ඕස්ට්‍රෙලියාව සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 172 ක් ලබා ගන්නට සමත්විය.
ප්‍රහාරාත්මක පිතිකරණයක නියැළුණ නායක විළියම්සන් පන්දු 48 කදී ලකුණු 85 ක් ලබාගත් අතර ඔහු සංගක්කාර තබා තිබූ විස්සයි20 තරගාවලී අවසන් තරගයක වැඩිම ලකුණු වාර්තාව බිඳ දැමුවේය.
ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් හා හයේ පහර 3 ක් ඇතුළත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රෙලියාව පන්දුවාර 18.5 කදී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 2 ක් පමණක් දැවී යමිනි.
මෙම තරගයේදී මිෂෙල් මාර්ෂ්පන්දු 50 කින් නොදැවී 77 ක් රැස් කළේය. ඔහු 20/20 වේගවත්ම ලකුණු 50 (පන්දු31) පසු කර වාර්තා තැබුවේය. එම ඉනිමට හතරේ පහර 6 ක් හා හයේ පහර 4 ක් ඇතුළත් විය.ඩේවිඩ් වෝනර්ගේ ලකුණු 53 ද ජයග්‍රහණයට දායක විය.