පාදෙණිය මහතා බිම දණ ගසා වැඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කම ඉල්ලුවා…පාදෙණිය මහතා දෙපිටකාට්ටු වෙක්…

අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබා ගැනීමට උපකාර කරන්නැයි තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියා සිටිති.

තමන් කොළඹ විශ්ව විද්‍යාලයේ පුරපති වීමට එරෙහිව අදහස් පල කරන පාදෙණිය මහතා විහාරස්ථානයට පැමිණ තමා ඉදිරියේ බිම දණ ගසා ඉල්ලීම් කරන තරමට අද වෙනස් වී ඇති බවත් උන් වහන්සේ පැවසූහ.

ඔහුගේ දෙපිටකාට්ටු වැඩ හෙළි කළහොත් යන එන මං නැති වනු ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»