බන්දුල වර්ණපුර අභවප්‍රාප්ත වෙයි.

ශ්‍රීලංකා ක්‍රිකට් ආරම්බක නායකයකු වූ බන්දුල වර්ණපුර මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද(18) අභවප්‍රාප්ත වූයේය.මියයන විට ඹහු 68 වන වියේ පසුවිය.

බන්දුල වර්ණපුර මහතා අසාධ්‍යව රෝහල් ගත කර තිබූ අවස්ථාවේ දියවැඩියා උත්සන්න තත්වය හේතුවෙන් පාදයක් ඉවත්කිරීමේ සැත්කමක් සිදු කරන්නටත් සිදුව තිබුණි. ඉන්පසුව ඔහු තවත් අසාධ්‍ය වූ අතර අද මියගියේය.

ශ්‍රීලංකා ක්‍රිකට් ආරම්බක නායකයකු මෙන්ම ටෙස්ට් වරම් ලැබු ප්‍රථම ශ්‍රීලංකිකයා වන්නේ ද වර්ණපුරයි.1975 සිට 1982 දක්වා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරග 4 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩා කළේය. ඔහු දකුණත් ආරම්භක පිතිකරුවෙකු මෙන්ම දකුණත් මැද වේග පන්දු යවන්නෙකුද විය.ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»