ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.

මෑතකදී බන්ධනාගාරවලට ඇතුළු වී කරන ලද විවිධ අකටයුතු සම්බන්ධව ඹහු වෙත විවිධ පාර්ෂවයන් ගෙන් චෝදනා එල්ල විය.

බීමතින් බන්ධනාගාරවලට ඇතුළු වී සිර කරුවනට ගිනිඅවි පෙන්වා තර්ජනය කිරීම,බන්ධනාගාර කටයූතුවලට බාධා කිරීම ඉන් සමහරක් වේ.

පසු ගිය දිනක වැලිකඩ බන්ධනාගාරයට විවාහක රූ රැජිනක් සහ තවත් කිපදෙනකු සමඟ ඇතුළු වී කලහනාරී ලෙස හැසිරීම තවත් එක් සිද්ධියකි.

මේ අතර රජයේ අමාත්‍යවරයෙකු බන්ධනාගාරය තුලදී සිරකරුවන් දණ ගැසීම සිදුවීම හෙලා දකින බවඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය කියා සිටි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»