රනජන් ට අනිද්දා නිදහස ලැබෙයිලු?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට අනිද්දා දිනට යෙදී ඇති සිරකරුවන්ගේ ජාතික දිනය වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙතැයි සිතන බවද ඔහු පවසා සිටියි.ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

මේ අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියද රංජන් රාමනායක මහතාට සමාව ලබා දෙන ලෙස ජනාධිපති තුමාගෙන්ඉල්ලීමක් කරඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»