වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා මර්ධනය කමිටුවෙන් අයින් වෙයි. -අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකියන්න බැ ..

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා මර්ධනය පිළිබඳ සායනික කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතිබව වාර්තා වෙනව.

ඔහු එම ධුරයෙන් ඉවත් වී ට තීරණය කර ඇත්තේ එම කමිටු විසින් ගනු ලබන ඇතැම් තීරණ වලට තමන්ට එකඟ විය නොහැකි බව සඳහන් කරමිනි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත විද්‍යුත් ලිපි යොමු කරමින් මේ බව දන්වා ඇත.

එන්නත් කරන සහ රට වසා දැමීමේ ක්‍රියාවලි තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව සිදු නොවන බවත් වෙනත් අවශ්‍යතා මත තීරණ වෙනස්ව ඇති බවත් පවසමින්. ඒ හේතුවෙන් අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට තමන්ට වගකිව නොහැකි බව ද ඔහු දන්වා තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»