කදිනල් තුමා විදේශ ඇමති ජී.එල් ගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි.

පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන්නැයි විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා යවා ඇත.

එසේ සාකච්ඡා කරන්නට තමන් කැමති නමුත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතු බවත් එම කොන්දේසි සම්පූර්ණ වන තුරු සාකච්ඡාවට නොඑන බවත් කාදිනල්තුමා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්දැනුම් දී ඇති බව වාර්තා වෙනව.

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන විශ්වාසනීයත්වයෙන් යුතුව සිදුවීමේ වැදගත්බවත්, එම විශ්වාසය ගොඩනැගීමට නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ විය යුතු බවත් කාදිනල්තුමා සිය ලිපියෙන් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි ද කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ සඳහන් කරයි.(උපුටාගැනීමකි.)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»