අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදු කෙරිණි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වාහන වල සිට පමණක් අවසන් කටයුතු නිරීකෂණය කිරීමට සිදුවී ඇත.
එම අවස්ථාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය , සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙකු ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් , මංගල සමරවීර මහතාගේ හිතවතුන් බොහෝ දෙනෙකු සහභාගී ඇති බව වාර්තා වෙනව.සිය නිල ෆේස්බුක් පිටු ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, ලාංකීය දේශපාලන ගමන්මගෙහි විශාල පරිවර්ථනයන් මෙන් ම අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සක්‍රීයව දායක වූ කෘතහස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැලවීමෙන් තමන් ඉතා සංවේගයට පත්වූ බවය.