කොරෝනා දත්ත වෙනස් කරල-පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්..

අද (13) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම සුවිශේෂී අනාවරණය සිදු කළේය.රට තුළ ආසාදිතයන් වාර්තා වූ අන්දම බැලුවොත් අගෝස්තු 05 වැනිදා හමුවූ ආසාදිතයින් ගණන 4900කට අධික වුවත් දෛනික වාර්තාවේ සඳහන් වන්නේ 2669 ලෙසයි. අගෝස්තු 06 වැනිදා හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 5000ට වැඩියි. එතැන් සිට අගෝස්තු 11 වැනිදා දක්වා රට තුළ දෛනිකව හමුවූ ආසාදිතයන් ගණන 5000 වැඩියි. නමුත් දෛනික දත්ත වාර්තා මගින් පෙන්වා දුන්නේ ආසාදිතයන් තුන්දාහකට ආසන්න අගයක් බවයි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේද සඳහන් කළේය.“පසුගිය 10 වැනිදා ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේ දී හෙළිදරව් වුණා අගෝස්තු මාසයේ ගෙවී ගිය දින 09 තුළ කෝවිඩ් ආසාදිතයන් 12,555 වාර්තා වූ බව. මෙයින් රෝහල්ගත වූ ගණන 4000ක් පමණ වෙනවා. නමුත් මේ දින කිහිපය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආසාදිත පිරිස පිළිබඳ සංඛ්‍යාලේඛන මගින් පෙන්වන්නේ 3000ක පමණ ගණනක්. සෞඛ්‍ය බලධාරීන් 4000ක් පමණ රෝහල් ගත කළ බව කියන විට ප්‍රකාශිත දත්ත මගින් පෙන්වා දෙන්නේ 3000ක පමණ ගණනක්. මේ අනුව ඉතා පැහැදිලියි, කොවිඩ් දත්ත වෙනස් කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් වන බව.මේ දත්ත වෙනස් කිරීමේ කටයුත්තට වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් සම්බන්ධ බව අපි අනාවරණය කිරීමට කැමතියි. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළම නිලධාරියෙකුත් එකතු වෙලයි මේ දත්ත වෙනස් කිරීම සිදුකරන්නේ. මේ ඉහළ නිලධාරියා කවුද කියා බලන්න යුද හමුදාපතිතුමන්ට කැමතිනම් පුළුවන්. කොවිඩ් දත්ත වෙනස් කිරීමට මුල් වී ඇති මේ තුන්කට්ටුවේ මූලික අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමයි.උපුටාගැනීමකි(ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය හමුව)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»