ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය නිළි හයසින්ත් විජේරත්න හදිසි අනතුරකින් අභාවප්‍රාත්ත විය.

අද (30) දින තලවකැලේ ප්‍රදේශයේදී ඇය ගමන් ගත් වාහනය ප්‍රපාතයකට පෙරලීම නිසා මෙම අනතුර සිදුවී ඇතිබවයි වාර්තා වනුයෙ.

ටෙලිනාට්‍යයක් රූගත කිරීමේ කටයුතු අවසන් කොට නැවත කොළඹ බලා පැමිණීමේ දී මෙම අනතුර සිදුවී ඇති බව වැඩිදුරටත් සඳහන්වේ. මියයන විට ඇය 75වන වියේ පසුවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»