95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී කැනේඩියානුවන් සම්මාන ලබයි…
හොලිවුඩයේ දැවැන්තම තරු සහභාගිවන ඔස්කාර් සම්මාන උළෙල ඊයේ(12) රාත්‍රියේ දී ලොස් ඇන්ජලීස් ඩොල්බි රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූවා.මෙවර මෙම උළෙල පැවැත්වූයේ 95 වෙනි වතාවටයි.
මෙහිදී කැනේඩියානුවන් කීපදෙනෙක් ම ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවා.
ටොරොන්ටෝ හි සාරා පොලී( Sarah Polley) සිය පළමු ඔස්කාර් සම්මානය ‘වුමන් ටෝකින්’(Women Talking) වෙනුවෙන් හොඳම අනුවර්තනය කරන ලද තිර රචනය සඳහා පිදුම් ලැබුවා.
බ්‍රෙන්ඩන් ජේම්ස් ෆ්‍රේසර් හොඳම නළුවා සඳහා ඔස්කාර් සම්මාන The Whale චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා දිනා ගත්තා.
මොන්ට්‍රියෙල්හි උපන් වේශ නිරූපණ ශිල්පී ඇඩ්‍රියන් මොරොට් ඉරිදා රාත්‍රියේ ඇකඩමි සම්මාන උළෙලේදී විශාල ජයග්‍රහණයක් ලබා ගත්තේය. මොරොට් හොඳම වේශ නිරූපණය සඳහා වූ ඔහුගේ පළමු ඔස්කාර් සම්මානයයි.
