08 වෙනි විධායක ජනාධිපති ලෙස පත්වූ විගස රනිල් ගත් තීරණ …

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ වැඩබලන ජනාධිපති වරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව තමන්ට හිමි කෙටි කාලය තුල ගැනීමට බලාපොරොත්තු වන පියවර කිහිපයක්ද ප්‍රකාශකරන ලදී.

-19 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම.

-ජනාධිපතිවරයා හැඳින්වීමට යොදා ගන්නා “අතිගරු” යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කිරීම.

-ජනාධිපති ධජය අහෝසි කිරීමට පියවර ගැනීම.

-පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, කැරලිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම හා රටේ නීතිය හා සාමය ස්ථාපනය කිරීම.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»