ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් ඇණහිටී.

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය සේවා පැය කිහිපයක සිට ඇනහිටීමකට ලක්ව තිබේ.

ෆේස්බුක් හා සම්බන්ධ ආයතන කිහිපයක තාවකාලික තාක්ෂණ දෝෂයක් මීට හේතුවී ඇත.

මෙම ඇණහිටීම ලොවපුරා සියලුම භාවිත කරන්නන් හට බලපා ඇත.

මෙම සේවාවන් තුනම ෆේස්බුක් සතු වන අතර වෙබ් හෝ ස්මාර්ට්ෆෝන් යෙදුම් හරහා ප්‍රවේශ විය නොහැක.

වෙබ් අඩවියේ දත්ත වලින් පෙනී යන්නේ මෙම බිඳවැටීම ලොව පුරා තිබෙන ගිණුම් වලට බලපාන බවයි.

“බිඳවැටීම ට හේතුව තවමත් පැහැදිලි නෑ කෙසේ වෙතත් අපි මෙම බිඳවැටීම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින අතර අපහසුතාවයට සියලු දෙනාගෙන්සමාව අයදන බවද Facebook ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»