සහල් මිල ඉහළ දමයි..කිරිපිටි, සිමෙන්ති සහ සීනි හිගයක් ..ඉන්ධනහල් ඉදිරිපිට දීර්ඝ පෝලිම්..

මෝල් හිමියන් සහල් මිල නැවත වතාවක් ඉහළ දමයි..

කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 30 කින් සහ සම්බා නාඩු සහල් කිලෝවක් රුපියල් 15 කින් මිල ඉහළ වැඩි කළ බව ප්‍රධාන සහල් නිෂ්පාදන සමාගමක නිලධාරියෙක් ප්‍රකාශකර ඇති බව වාර්තා වෙනව.

මෙම මිල ඉහළ නැගිීමත් සමග:

කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 195ක්

සම්බා සහල් කිලෝවක් රුපියල් 155ක්

නාඩු සහල් කිලෝවක් රුපියල් 130ක්

වන බවද ඔහු සඳහන් කළේය.ඒ සමඟම ලංකාවේ විවිධ ප්‍රදේශවල කිරිපිටි, සිමෙන්ති සහ සීනි හිගයක් ඇතිවී තිබෙන බව වාර්තා වෙනව.

ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල් ඉදිරිපිට දීර්ඝ පෝලිම ඇතිවී තිබෙන බවද ආරංචිමාර්ග සඳහන් කරනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»