සතුන්ට සාමකාමීව ජීවත් වීමට ඉඩ දෙන්න..

සතුන්ට සාමකාමීව ජීවත් වීමට ඉඩ දෙන්න..”මේ සෙල්ලක්කාර හැසිරීම නවත්වන්න “

ශ්‍රී ලංකාවේ වන අලියෙකුට වාහනයකින් හිරිහැරයක් සිදුවන ආකාරය දැක්වෙන තවත් වීඩියෝවක් නිකුත් වී තිබෙනවා.

සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok හරහා මේ දිනවල බෙදාගනිමින් පවතිනව.

පාර අයිනේ ගමන් කරමින් සිටි අලියාට වාහනයේ රියදුරු ඉදිරියෙන් පදවා හිරිහැර කරන අයුරු වීඩියෝවේ දැක්වේ.රියදුරුගේ ක්‍රියාකලාපය භීතිය ඇති කරවන අතර, අවසානයේ අලියා තම ගමන් මාර්ගය වෙනස් කර කැලයේ සැඟවී සිටිනු දක්නට ලැබේ.

මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටන්නේ “මෙවැනි හැසිරීම් නැවැත්විය යුතු බවයි”.

“ශ්‍රී ලංකාවේ මෙය සිදු වූ පළමු අවස්ථාව නොවේ, අපි මේ සෙල්ලක්කාර හැසිරීම නවත්වන්න කාලයයි.. සතුන්ට සාමකාමීව ජීවත් වීමට ඉඩ දෙන්න,”යනුවෙනි.

(video credit Poorna seneviratne)@twitter

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»