ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට එංගලන්තයේ ලබාදෙන පුහුණුව නවතා දමයි.

එංගලන්තයේ රාජකීය කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (RCP-Royal college of Physicians) විසින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට එරට ලබාදෙන පුහුණුව තාවකාලිකව නවතා දැමීමට තීරණය කරයි.

මීට හේතුවී ඇත්තේ,මෙම පුහුණුව සඳහා ගෙවීම් ප්‍රමාද වීමත් නිසි පරිදි සිදුනොවීමත් නිසා බවයි වාර්තා වන්නෙ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ඩොලර් අර්බුදය නිසා ඉදිරියේදී මෙම ගෙවීම් අඛණ්ඩව සිදුවෙතැයි සැකයක් පවතින බැවින් මෙම පුහුණුව තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.

මෙම ගෙවීම් සිදුවන්නේ සෞඛ්‍ය අමාතයංශයේ කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය හරහායි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»