ශ්‍රීලාංකික තරුණ විද්යාඥයවරියෙකුට ලෝක නම්බු නාමක්..

හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය ඇයගේ නව සොයාගැනීමක් වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝසිප් (Helen Hay Whitney fellowship) නම්බු නාමය දිනාගන ඇති බව වාර්තා වෙනව.මේ බව ඇය ඇයගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ද පවසා තිබෙනව.

ආචාර්ය ගයානි සෙනෙවිරත්න ජෛව වෙද විද්‍යාව සම්බන්ධව පර්යේෂණ ගනනාවක් සිදුකර ඇති තරුණ විද්යාඥයවරියෙකි.

මෙවර ඇය මෙම සම්මානය දිනාගන ඇත්තේ මිනිසාගේ ශ්‍රෝණි පටිය (pelvic girdle) වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳව නව සොයා ගැනීම නිසාය.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ගයානි සෙනෙවිරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාල යේ උපාධිදාරිනියක් සහ හාවඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් ආචාර්ය උපාධිධාරිනියකි.

හෙලන් හේ විට්නි පදනම(Helen Hay Whitney Foundation) තරුණ ජෛව වෛද්‍ය විද්‍යාඥයින්ට ස්වාධීන පශ්චාත් ආචාර්ය පර්යේෂණ සහාය ලබා දීම සහ ඹවුන් ගේ නිර්මාණශීලිත්වය සහ නව විද්‍යාත්මක සොයාගැනීම් අගැයීමකට ලක් කරන ආයතනයකි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»