ශ්‍රීලංකාව IMF(ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) වෙත යාමට තීරණය කරයි- බැසිල් රාජපක්ෂ.

තෙල් බේත් ගන්න අමාරුයි,ණය ගෙවන්න අමාරුයි,IMF යනව.බැසිල් විදේශ් මාධ්‍යට පවසයි.

ලන්ඩන් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් සේවය සමඟ මුදල් ඇමැතිවරයා පවසා ඇත්තේ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට සහ ආර්ථික අර්බුදය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සියලු විකල්පයන් ගැන සලකා බලමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡා කිරීමට ද දැන් සලකා බලමින් සිටින බවයි.

විදුලිය විසන්ධි වීම ඉන්ධන, කිරිපිටි ඇතුළු ආනයන හිඟය, විදේශ මුදල් සංචිත නොමැතිකම නිසා උත්සන්න වී ඇති බවත්,තවත් ඩොලර් බිලියන 1 ක් ජූලි මාසයේදී ගෙවීමට නියමිත නමුත් දැනටමත් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත අවසන් වී ඇති බවත් ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ වාර්තා කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»