ශ්‍රීලංකාවේ අඩුවයස් කාන්තාවන් විදේශ රැකියා සඳහා යැවීමට කැබිනට් අනුමැතිය..

ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ගෘහ ආශ්‍රිත විදේශ රැකියාවක නිරත වීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25ක් ද අනෙකුත් මැද පෙරදිග රටවල් සඳහා අවුරුදු 23ක් ද අනෙකුත් රටවල් සඳහා අවුරුදු 21 ද ලෙස පැවතිණි.

මේ සම්බන්ධව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයකට පත් ව සිටින ශ්‍රී ලංකාව කාන්තාවන්ට විදේශ රැකියා සඳහා පිටත් හැකි අවම වයස් සීමාව වයස අවුරුදු 21 දක්වා අඩු කර ඇති බවයි .

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»