වැරදි වර්ගයේ බොරතෙල් ආනයනය කිරීම නිසා විදුලි කප්පාදුව වැඩි වෙයි.

ශ්‍රී ලංකා බලධාරීන් වැරදි බොරතෙල් වර්ගයක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනාවරණය කරයි.

PUCSL සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ එහි අඩංගු වන්නේ වැරදි නැප්තා දියර වර්ගයක් බවයි.

අලුතින් ආනයනය කරන ලද බොරතෙල් තොගයේ ඇති නැෆ්තා බලාගාරවල විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කළ නොහැකි ඉහළ සල්ෆර් ප්‍රමාණයක් අඩංගු බවත්මේ  හේතුවෙන් විදුලි බලාගාර සඳහා භාවිතා නොකරන බවද ජනක රත්නායක මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙම නව බොරතෙල් තොගය ගෙන්වන ලද්දේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බව ප්‍රකාශ කළ ජනක රත්නායක කියා සිටියේ, එයින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බැවින් දැන් පානය කළ හැක්කේ එය පානය කිරීම පමණක් බවයි.

හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»