ලන්ඩන්(UK) වල නිවසක ඇති වු ගින්නකින් ලංකාවේ 4 දෙනෙක් මරුට.

ලන්ඩන්(UK) වල බෙක්ස්ලිහීත් හි හැමිල්ටන් පාරේ නිවසක මෙම ගින්න හටගෙන ඇත.වයස අවුරුදු හතරක් වන පිරිමි දරුවෙකු සහ වයස අවුරුදු එකහමාරක් වන ගැහැණු දරුවෙකු සමග කාන්තාවන් දෙදෙනෙකු මෙසේ නිවස තුලම මියගොස් ඇත.

මියගිය එක් කාන්තාවක ගින්දර තුළ සිට දැවෙමින් තම සැමියාට දුරකථන ඇමතුමක් ලබාදි “ගින්දරක් ගින්දරක්” යැයි කෑගැසූ බවද වාර්තාවී තිබේ.

මියගිය අනෙක්කාන්තාව නැන්දම්මා ලෙස හඳුනා ගෙන ඇති අතර ඇය ආපසු ලංකාවට පැමිණීම සඳහා සූදානම්වෙමින් සිට ඇති බවයි වාර්තා වනුයෙ.ඔවුන් ද්‍රවිඩ ජාතිකයින් ලෙසද හඳුනාගන ඇත.

මෙම නිවස ඹවුන් මිලදී ගෙන ඇත්තේ මාස 3කට ඉහතදීය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»