ලංකා විදුබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ හදිසි බිඳවැටීම් සේවාවෙන් ඉවත්වේ…

පැය 8 න් පසු සේවා නෑ..

මේවන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටින ලංකා විදුබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අද සිට එය තවත් දැඩි කළ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කියයි.
ඒ අණුව පැය අටේ සේවා කාලයෙන් අනතුරුව හදිසි බිඳවැටීම් සේවාවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමෙරිකා සමාගමකට විකිණීමට එරෙහිව ලංවීම ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගය ඉකුත් දා ආරමභ කළ නමුත් ලංවීම පාලනාධිකාරියේ කටයුතු තවදුරටත් පීඩාකාරී හෙයින් එම ක්‍රියාමාර්ගය දැඩි කළ බව කුමාරවඩු මහතා පවසයි.

ඒ අනුව දිනපතා පස්වරු 4.15 න් පසුව කිසිදු රාජපකාරියකට සම්බන්ධ නොවන බව ද ඔහු කීය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»