ලංකාවේ ඩිස්නිලන්තයක් ඉදිකිරමට සැරසෙන ඩයනා අධිකරණයට කැඳවයි..

දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සංචාරක රාජ්‍ය අැමතිනි ඩයනා ගමගේ ලබන මාසයේ අමෙරිකාවට යාමට නියමිත බව පසුගිදා පුවත් පත් වාර්තා කරනලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ බි්‍රතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) නොතීසි නිකුත් කර ඇත.සාමාන්‍ය ජනතාවට නිතිය ක්‍රියාත්මක වනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් නිතිය ක්‍රියාත්මක විය යුතුව ඇති නමුත් වසර දෙකක් ඉක්ම ගොස් ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මෙම තැනැත්තිය අත්අඩංගුවට ගැනීමක් හෝ සිදුකර නොමැති බව ද මෝසමක් ගොනුකරමින් නිතීඥවරුන් අධිකරණයට දැනුම් ඇතිබවයි වාර්තා වනුයෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»