ලංකාවේ කොරෝනා මරණ ප්‍රමාණයේ සැලකියයුතු අඩුවීමක්..

අද දිනයේ වාර්තා වනුයේ මරණ 51ක් පමණි.

කොවිඩ් ආසාදිතවූ තවත් 51 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය.

ඒ සමඟ ලංකාවේ වාර්තා වන මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,731 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 41 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 10දෙනෙක් ද ඒ අතර වෙති.මියගිය අය අතරින් 29 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 22 දෙනෙක් ද වෙති.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»