රුසියානු හමුදා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් යුක්රේන හමුදා බේරා ගැනේ.. -යුක්රේන ජනපති

මාර්තු මාසයේ සිට රුසියානු හමුදා විසින් රදවාගෙන සිටි ශ්‍රී ලාංකික පුරවැසියන් හත් දෙනෙකු Kharkiv කලාපයේ මුදාගත් ප්‍රදේශවලදී බේරා ගත් බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි (Volodymr Zelenskyy) සිකුරාදා ප්‍රකාශ කළේය.

රුසියා හමුදා විසින් පසුගිය මාර්තු මාසයේදී යුක්‍රේනය ආක්‍රමණය කළ අවස්ථාවේදී කාර්කිව් ප්‍රදේශයේදී මෙම සිසුන් රුසියා හමුදා භාරයට පත්ව ඇති බවත් ඔහු පැවසීය.මොවුන් “කුප්යන්ස්ක් ‘ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 7 දෙනෙකු බවයි වාර්තා වනුයෙ.

ඔවුන් රුසියානු සොල්දාදුවන් විසින් අල්ලාගෙන පසුව පහළම මාලයක තබා ඇත.

Ukraynska Pravda වාර්තා කර ඇති ආකාරයට “කාර්කිව් ප්‍රදේශය මුදාගැනීමෙන් පසුව මෙම සිසුන් බේරා ගෙන ඇති අතර ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බවද සඳහන් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»