රාජ්‍ය ආයතන 430ක් විකිණීමට හෝ වසා දැමීමට ….

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පාඩු ලබන සහ ලාභ ලබන ආයතන 430ක් හඳුනාගෙන ඇත.යෝජිත වැඩසටහන යටතේ, සමහර ආයතන විකුණනු ලැබේ; අනෙක් ඒවා වසා දැමීම, ඒකාබද්ධ කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කරනු ලැබේ.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකගතා අනුව ඉහත ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනාගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ලයිස්තුවට ඇතුලත් පාඩුලබන ආයතන.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව
ලංකා විදුලිබල මණ්ඩලය
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්
සිලෝන් ෂිපින් කෝපරේෂන් ලිමිටඩ්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
හෝටල් සංවර්ධක ලංකා පීඑල්සී
ලංකා සතොස ලිමිටඩ්
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
මයික්‍රෝ (පුද්ගලික) සමාගම
රාජ්‍ය මුද්‍රණ සංස්ථාව
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරිය

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»