රාජපක්ෂ ඥාතියෙකු වන ජාලිය වික්‍රමසූරියට ඇමරිකාවේදී දඩුවම්..

ශ්‍රී ලංකා රජයට ඩොලර් 332,027 ක් වංචා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අමෙරිකානු අධිකරණයක් හමුවේ වරද පිළිගෙන තිබේ.

ඔහුට වසර 5 ක උපරිමයක සිර දඩුවමක් හා දඩ මුදල් මෙම වරද වෙනුවෙන් ලැබෙනු ඇති අතර අදාළ දඩුවම නියම කිරීම ජූලි 20 දින සිදුවේ.ජාලිය වික්‍රමසූරිය වොෂින්ටන් නුවර නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිල දී ගැනීමේදී වංචා කිරීමට උත්සාහ කර තිබූ අතර මෙම නඩුව පැවරීම ලංකාව්දී සිදු කර තිබියදී ඔහු ඉන් ගැලවී ගියත් ඇමරිකාවේදී ඉතිරි කොටස විභාගයට ගැනීම නිසා ඔහුට ගැලවීමක් නැති විය.

කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී චෝදනා සඳහා වරද පිළිගත්තේය.2008 වසරේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරියට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබිණ.ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ ඹහු ජීවත් වෙමින් සිටී.

Translate-(English/Sinhala/Tamil )»