රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ..ජනමත විමසූමේ ප්‍රතිඑල..

ශ්‍රීලංකාවේ මේවනවිට සිදුවන දෑ සම්බන්ධව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරන ලද “රට හිතන හැටි” දීපව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජුනි මාසය සඳහා වන තොරතුරු මේ වනවිට නිකුත් කර තිබේ.

එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 3%ක මට්ටමකය. මෙම සමීක්ෂණයේ මංගල මත විමසුම සිදුකළ ගෙවුණු ජනවාරි මාසයේදී, එම මට්ටම 10%ක් විය.රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නේ ද? යන්නත් මෙම ජනමත විමසුමේදී, අවධානයට ගෙන තිබෙන අතර, ජූනි මාසය සඳහා එය දැක්වෙන්නේ ජනතාවගෙන් 2%ක් රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන සෑහීමකට පත්වන ලෙසය. ජනවාරි මාසයේ එම ප්‍රමාණය 6%ක මට්ටමේ පැවතිණ.

ආර්ථිකය ගැන විශ්වාසකර තිබෙන ඇගයුමේ දී, ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ ඍණ 96 ක් (-96) ලෙසය.

Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජන මතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැළපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදු කර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි.

(දිවයින)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»