මෛත්‍රීපාලට නොතීසි..

ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (16) නොතීසි නිකුත් කළේය.
සිරිල් ගාමිණී පියතුමා හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.

2019 අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් ඒ පිළිබඳව නොසැලකිලිමත් ලෙස හා එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»