මුවම්මර් ගඩාෆි ගේ පුත් සයිෆ් අල් ඉස්ලම් (Seif al-Islam) ලිබියාවේ ජනාධිපති සටනට එක්වේ..

හිටපු ලිබියානු පාලක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලම් ලිබියාවේ ජනාධිපති ධූරයට තරඟ කිරීමට ලියාපදිංචි වී ඇතිබව එරටින් වාර්තා වෙනව.

2011 දී ඒකාධිපති මුවම්මර් ගඩාෆි පෙරලා දැමූ කැරැල්ලෙන් පසු වසර ගණනාවක ප්‍රචණ්ඩත්වය යටතේ ලිබියාව පැවතිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දියත් කරන ලද ක්‍රියාවලියක ප්‍රතිඑළයක් වශයෙන් දෙසැම්බර් 24 වන දින ලිබියාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට හැකි වී තිබේ.ලිබියාව සඳුදා අපේක්ෂකයින් සඳහා ලියාපදිංචිය විවෘත කළේය.

49 හැවිරිදි සෙයිෆ් අල්-ඉස්ලාම්, වසර ගණනාවක් අප්‍රසිද්ධව සිට නැවත මතුවී නිව් යෝර්ක් ටයිම්ස් වෙතපවසා ඇත්තේ තමා දේශපාලනයට නැවත පැමිණීමක් සැලසුම් කරන බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»