බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021(BBC wildlife photographer of the year 2021)ලාංකිකයින් දෙදෙනෙකුට ජයග්‍රහණ දෙකක්..

ලෝක වනජීවි ඡායාරෑප ශිල්පින් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා – 2021 (bbc wildlife photographer of the year 2021) තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ ඇගයුමට ලක්වීමට ශ්‍රී ලාංකීක ඡායාරෑප ශීල්පිණීයකට හා මෙරට ළාබල ඡායාරෑප ශිල්පියෙකුට සමත් වී ඇත.මෙලෙස ඇගයුමට ලක්ව ඇත්තේ බුද්ධිලිනි ද සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන ලාංකිකයින් දෙදෙනා බව බී.බී.සී පුවත් වෙබ් අඩවියේ සදහන් වේ.

බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ කෙන්යාවේ මසෙයි මාරා වනෝද්‍යානයේ ගංගාවක චීටාවන් රැළක් දිය ස්නානය කරන අයුරු දැක්වෙන ” ද ග්‍රේට් ස්විම්” ( ”A Great Swim’ ) නමින් පළ කරන ලද ඡායාරෑපය හා වයස අවුරුදු 11 ක් වූ ගඟන වික්‍රමසිංහගේ දරුවා විසින් සිය ගෙවත්තේ ගිරා බෙනයක වෙසෙන ගිරා පවුලක් දැක්වෙන ” ලොක්ඩවුන් චික්ස්” (‘Lockdown chicks’ )නමින් පළ කරන ලඳ ඡායාරූපය මෙවර අංශ දෙකක් යටතේ ජුරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත.

ලොව පුරා රටවල් 95 ක අති දක්ෂ ඡායාරෑප ශීල්පින්ගේ ඡායාරෑප 55000ක් අතරින් මෙම ඡායාරෑප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ ඇත. මෙය කලකෙට පසුව ශ්‍රී ලංකාව ලැබු සුවිශේෂීම ජයග්‍රහණයක් සේම කොළඹ පදිංචි ඡායාරූප ශිල්පීනී බුද්ධිලිනි ද සොයිසා මහත්මිය මේවන විට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජීවත් වන්නීය.ඇය කොළඹ බිෂොප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන්නීය.

මෙහි අනෙක් ජයග්‍රාහක ගඟන වික්‍රමසිංහ වයස අවුරැදු 11ක කුඩා දරැවෙකු වීම විශේෂත්වයකි.ගඟන ලංකාවේ ප්‍රවීන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ කනිටු පුත්‍රයා ය.මෙම දෙදෙනාගේ ඡායාරූප හැරෙන්ට මෙම තරගය සඳහා මීට පෙර මෙවැනි ජයග්‍රණයක් ලැබුවේ 2002 වසරේ රැක්ෂන් ජයවර්ධන මහතා ය.ඒ මහතාගෙන් පසුව මේ සඳහා මේ ආකාර සුදුසුකමක් ලද දෙවැනි හා තෙවැනි ශ්‍රී ලාංකීකයන්වන්නේ බුද්ධිනී හා ගඟන ය.(උපුටාගැනීම-Lankadeepa)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»