බැසිල් රාජපක්ෂ 8 පාර්ලිමේන්තුවට…

බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 8 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිතයි.ඊට පසුදින (9 )වනදා ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද දිවුරුම් දෙනු ඇතැයිද එම වාර්තාවල දැක්වෙයි.ඔහුගේ අමාත්‍යාංශ යටතට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.ඊට අමතරව ජනාධිපති,අගමැති,චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශය යටතේ ඇති ආයතන ගණනාවක් පැවරීමට නියමිතව ඇතැයිද එම වාර්තාවන් සඳහන් කරයි.බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තු පිවිසීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකුම නොසතුටින් පසුවන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»