ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පහළ බැසීම නිසා ශ්‍රී ලංකාව
බංග්ලාදේශයෙන් කල ඉල්ලීමකට අණුව ඩොලර් මිලියන 200ක ණය මුදලක් පසුගිය අගෝස්තු මාසයේදී අදියර තුනක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ලදී.
නියමිත කාලය තුල මෙම මුදල ආපසු ගෙවීමට නොහැකි වීඇති නිසා ශ්‍රී ලංකා අගමැති තුමා විසින් බංග්ලාදේශ අගමැතිතුමිය ගෙන් කල ඉල්ලීමක් අණුව තවත් මාස 3ක සහන කාලයක් ලබාදී ඇතැයි වාර්තා වෙනව.
ශ්‍රීලංකාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපාමින් සිටින අතර නිල සංචිතය ඩොලර් බි.1.5 දක්වා පහත වැටී ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ අද වන විට මෙරට ඇමරිකානු ඩොලර් සංචිතය බිලියන 3.1 දක්වා ඉහල ගොස් ඇති බවයි.
කෝවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය එසේ පහළ බැස්සත් බංග්ලාදේශයෙ විදේශ සංචිතය ඇ.ඩො.බිලියන 46.3 දක්වා අඛණ්ඩව ඉහළ ගොස්ඇති බවයි වාර්තා වන්නෙ.