මෑතක දී අවසන් වූ විවාහක ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරග ප්‍රතිඵලය වෙනස් කිරීමට බලපෑම් කර බවට ඇය විසින් රෝසි සේනානායක මහත්මිය ටත් කණ්ඩායමේ කීපදෙනකුටත් චෝදනාකර තිබුනි.
මේ අනුව තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් දැනටමත් රෝසි සේනානායක මහත්මිය සහ චන්දිමාල් ජයසිංහ මහතා පිලිවෙලින් රුපියල් මිලියන 500 සහ 200 වශයෙන් එන්තරාවාසි ඇය වෙත යොමුකර තිබේ.
මෙම ආන්දෝලනාත්මක හැසිරීම් නිසා පුෂ්පිකා ද සිල්වා තම සංවිධානය මගින් පැවැත්වූ විවාහක රූ රැජිණ තරගාවලියෙන් ජයග්‍රහණය කළද ඇයගේ විනය විරෝධී හැසිරීම් හේතු කොට ඉදිරියට ඇයට එම කිරුලේ අයිතිය අහිමි කරන ලද බව විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්යක්ෂ රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇමරිකාවේ විවාහක ලෝක රූරැජිණ අවසන් තරග විනිශ්චය විවේචනය කිරීමද මෙම ඉවත් කිරීමට තවත් හේතුවක් ලෙස දක්වා ඇත.