පී.බී ගෙන් දිලීත් ගේ පත්තරේට එරෙහිව පැමිණිල්ලක්.. 

හෙට (24) පළවන ‘සති අග- අරුණ‘ පුවත්පත වාර්තා කර තිබෙන පුවතකින් හෙළිකර ඇත්තේ ඉන්දියානු පොහොර ලංකාවට ගෙන්වීම සම්බන්ධ ගනුදෙනුව තුළ වංචාවක් සිදුව ඇති බවයි. පොහොර ගෙන්වීම සඳහා මිලියන 290 ක් ලංකාවෙන් නිකුත් කර ඇත්තේ පෞද්ගලික ගිණුමකට බවත් ඒ ගිණුම ආරම්භ කිරීමට ජනපති ලේකම් පීබී ජයසුන්දර බලපෑම් කර ඇති බවත් එහි දැක්වේ.

ප්‍රවෘත්ති වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පොලිස්පතිවරයාට ඒ ගැන පරීක්ෂණ කරන ලෙස ඉල්ලා ඇති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේෂ සහගත බව පවසා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රවෘත්ති වාර්තාවට සම්බන්ධ සියළුම පාර්ශවයන් කැඳවා ඒ සම්බන්ධයෙන් විධිමත් හා සවිස්තරාත්මක පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

(උපුටාගැනීමකි)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»