පාස්කු ණඩුවෙන් රනිල් ඉවතට.. මුක්තිය නිසා ණඩු බෑ..

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුකරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කොට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්ති අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවත්, වත්මන් ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට මුක්තිය හිමිවන බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහන් වෙයි.

ඒ අනුව ජනාධිපති ධූරය දරමින් සිටින ජනාධිපතිවරයකුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වගන්තිය සම්පාදනය කර ඇත්තේ රාජ්‍ය නායකයාට සිය නිල කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට බවත් එම තීන්දුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»